ෂරියා නීතිය සහ වහල් වෙළඳාම

ඊයේ රාත්‍රිය වනවිට රිසානා නෆීක් තමන් නොකළ වරදකට අවුරුදු හතක් හිරේ දුක්වින්ද ජිවිතයෙන් වන්දි ගෙවා අවසානය, එය දෙවියන්ගේ කැමැත්ත "ඉංචා අල්ලා" කියා දෙවියන්ට තුති පිදීමට හෝ ඉවත බලා සිටීමට අපට කල නොහැක.

මක්නිසාද යත් එසේ සිටියහොත් මෙලෙස දෙවියන්ගේ කැමැත්තට ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන අවසාන ශ්‍රී ලාංකිකයා ඇය පමණක් නොවන බැවිණි.

මෙම ලිපිය තුලින් ඉස්ලාමික ෂරියා නීතියට ගැරහීමක් හෝ එහි වලංගුතාවය විමසීමක් සිදුනොකරන අතර රිසානා නෆීක් ගේ මරණය හැරවුම්ලක්ෂය කොටගෙන විදේශ ශ්‍රම වෙළඳාම කෙසේ වෙනස් විය යුතුද යන්න පමණක් සාකච්ඡා කරයි.
මුහම්මත් තුමන් දේශනාකළ,අල්ලා දෙවියන්ගේ දායාදයක් වන ෂරියා නීතිය වෙනස් කිරීමට අපට හැකියාවක් නොමැත. එහෙත් වසර හාරදහසකට වඩා දිගු ශිෂ්ටාචාරයකට හිමිකම් කියන ශ්‍රී ලාංකික අප මෙවන් රටවලට තම සොහොයුරියන්, දියණියන්, බිරිඳ , අම්මාවරුන් වහල් සේවයට, ගණිකා සේවයට යැවීමෙන් වැලකි සිටීමේ වගකීමක් පවතී. (ඉදිරි ලිපි කිහිපයක් තුලින් මැදපෙරදිග ගෘහ සේවයේ තිත ඇත්ත හෙළි කිරීමට අප අපේක්ෂා කරයි). 

අපට උරුම නොවූ දෙවන ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍යන් වෙනුවෙන් බජිරි කමින් ජීවත්වූ අප , කුමන දුගීකම පැවතියද තම සොහොයුරියන් විකුණා ජීවත්වීමෙන් වැලකි සිටිය යුතුය. 

නීතිමය රාමුව වෙනස් වියයුතු ආකාරය 

මොහම්මත්තුමාගේ ඉගැන්වීම් අනුව යමින් රිසානාගේ පියා වන මොහොමඩ් නෆීක් දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක් බිහිකර ඇත. එහෙත් දරුවට නිවසක් ආහාර ඇඳුම් සපයාදීමට දෙවියන් කැමැත්ත ලබාදී ඇතිබවක් අපට පෙනීමට නොමැත.

ඒ හේතුවෙන් බොරු වයසක් පෙන්වා තම දියණිය වහල් සේවයට විකිණීමට ඔහුට සිදු විය. බල්ලන් බළලුන් පැටවුන් සදනාසේ ළමයින් සැදීම ශිෂ්ට සම්පන්න මිනිසුන්ට සිදු කල නොහැක. ළමයෙකු බිහි කරන්නේ නම් එම දරුවාට අවම වශයෙන් මුලික අවශතා පිළිගතහැකි මට්ටමෙන් සපයා දීමට ඔහුට හැකිවිය යුතුය, දෙවියන් වහන්සේ ගේ කැමැත්තට බිහිවන දරුවට දෙවියන් වහන්සේවත් මුලික් අවශතා සැපයීමක් සිදු නොකරයි නම් එහි පිරිවැය දැරීමට සිදු වනුයේ රජයටය.

අවසාන වශයෙන් සමස්ත ජාතියකට තම බදු මුදලින් වැඩිවන ජනගහනය හමුවේ වන්දි ගෙවීමට සිදුවේ. එලෙස කැපකිරීමට සිදුවනුයේ සංවර්ධනයට යෙදවීමට පවතිනා ධනයයි. මේවැනි අනවශ්‍ය ජනගහණ වර්ධනයන් සීමාකිරීමට රජය නීතිරීති සහ බදු ප්‍රතිපති සැකසිය යුතුය.

උදාහරණයක් වශයෙන් කිසියම් යුවලක් දරුවන් තිදෙනකුට(නිවුන් දරුවන් හැර) වඩා බිහිකරයි නම් එම වැඩිවන ළමයෙකු වෙනුවෙන් මිලියනයක පමණ ගාස්තුවක් අයකිරීම හෝ එය ගෙවාගත් නොහැකිනම් වසර කිහිපයක් ස්වාමි පුරුෂයා සිරගත කිරීම කල හැකිය. දැනිදු චීනය අනවශ්‍ය ජනගහණය පාලනය කිරීම උදෙසා මෙවැනි නීති භාවිතා කරයි (one child policy in China).

අන්තර්ජාතික ශ්‍රම වෙළද පොළ අවස්ථා 

ශ්‍රී ලංකාවට 2012 වර්ෂය සඳහා දකුණු කොරියාවෙන් හිමිවූ රැකියා කෝටාව සම්පුර්ණ වන අයුරින් ශ්‍රමිකයන් සැපයීමට රජයට නොහැකි විය.තවද දකුණු කොරියාවෙන් අපට හිමිවන ශ්‍රම වෙළඳපොල අවස්ථා තවදුරටත් පුළුල් වෙමින් පවතී. එනිසා රජය එවැනි වෙළඳපල ඉලක්කකොට පවතිනවාට වඩා පුළුල් පුහුණු වැඩපිළිවලක් සැකසිය යුතු අතර තවදුරතත් විදේශයන්හි පවතිනා එවැනි වෙළදපොළ අවස්ථා සොයාගත යුතුය. මස් සඳහා ගවයන් සපයන්නක් මෙන් නොපුහුණු ශ්‍රමිකයන් මැදපෙරදිගට සැපයීම නැවැත්විය යුතුය.

ඔබගේ වගකීම 

මිනිසාගේ උපත, විවාහය,මරණය,අයවැය හිඟය පියවීමට මුදල් සම්පාදන මාර්ගයක් කරගැනීමට තරම් ශිෂ්ට සම්පන්න වූ රජයක් ෂරියා නීතිය ඇති රටවලට ශ්‍රමිකයන් සැපයීම තහනම් කරන නීති සකස් කරනු ඇතැයි අප අපේක්ෂා නොකරයි . එහෙත් කශේරුකාවක්,ආත්ම ගරුත්වයක් ඇති ජනතාවක් රටතුල වාසය කරයි නම් ඔවුන් තම සොහොයුරියන්, දියණියන්, බිරිඳ, අම්මාවරුන් වහල් සේවයට ගණිකා සේවයට පවා නොදෙනු ඇතැයි අපේක්ෂා කරයි.

බොහෝවිට රිසානා නෆීක් ගේ මරණයේ කම්පනය සමස්ථ ශ්‍රී ලංකික ජනතාවට තදින්ම නොදැනෙනු ඇත. මක්නිසාදයත් ඇය තම ලේ සොහොයුරියක් නොවන බැවිනි. එහෙත් තම සොහොයුරියක් නොකළ වරදකට වසර හතක් තිස්සේ සිර ගෙදරක් දුක්විඳ, වචනයක් කතාකිරීමට කෙනෙක් නැති තමා වෙනුවෙන් එකඳු කදුලක් හෙළීමට කෙනෙක් නැති දේශයක මෙලෙස ඝාතනය කලේනම් ඔබ අනිවාර්යයෙන්ම මිට වඩා සංවේදීවනු ඇත. 

ඉස්ලාම් ආගම , ෂාරියා නීතිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනිසිටිමින් සුචරිතවාදීන් වීමට උත්සහ දරන උපේක්ෂ ස්වර්ණමාලි සහ සජිත් ප්‍රේමදාස ගෙන් අප තවදුරටත් අසා සිටිනුයේ ඔබ මෙම මරණය කෙලෙස සාධාරණීකරණය කරන්නේද යන්නයි.

 ෂරියා නීතිය යටතේ දඬුවම් ලබාදෙන අයුරු පහත චායාරුප තුලින් දැක්වේ.



























- ගොසිප් 9 විමර්ශන -
(සැ.යු. - මෙම ලිපියට අදාලව යම් අයෙකුට කරුණු දැක්වීමට අවශ්‍යව පවතිනම් ඒ සඳහා ද ගොසිප් 9 විවෘත බව සලකන්න.) 
....................................................................................
ප.ලි - 











ඉහත සඳහන් ලිපියට අදාලව අප වෙත අදහස් දැක්වූ "සිරාජ්" නම් පාඨකයා සඳහන් කර සිටිනුයේ අප වෙබ් අඩවිය අසත්‍ය පවසන බවයි.ඔහු තවදුරටත් සඳහන් කර සිටිනුයේ මෙම ඝාතනය ෂරියා නීතියට අනුව සිදුවුවක් නොවන අතර එය සිදුවී ඇත්තේ සෞදි අරාබියාවේ නිතිය අනුව බවයි. එම ප්‍රකාශය සත්‍යවේ නම් තවත් ගැටලු කිහිපයක් පැන නගියි.

1.ඔහු පවසන්නා පරිදි දෙවියන්ගේ නීතිය වන ෂරියා නීතිය පුජණිය මක්කම පිහිට ඇති සෞදි අරාබියාවේ ක්‍රියාත්මක නොවන්නේ මන්ද? 
2.නොඑසේ නම් සෞදි අරාබියාවේ නීතිය ෂරියා නීතියට වඩා ඉහලින් පිහිටා ඇත්තේද ? 
3.කුමන චාරිත්‍රයක් පදනම් කොටගෙන මෙම ඝාතනය සිදුවී ඇතිද ?

- මෙම ලිපිය ධනාත්මක මතවාද සඳහා තවදුරටත් විවෘත බව සලකන්න -
.........................................................................

- අවසාන යාවත්කාලින කිරීම - 

අප වෙත අදහස් දක්වන "සිරාජ්" නම් පාඨකයා අප සඳහන් කල ප්‍රශ්න තුනට පිළිතුරු සපයනු වෙනුවට නැවත නැවතත් "සවුදියේ ඇත්තේ ඉස්ලාමිය පාලනයක් නොවේ" යන්න ප්‍රකශ කරමින් සිටියි. තවද සර්වබලධාරි අල්ලා දෙවියන් රිසානා සොයුරියට සාධාරණය ඉටුකලසේ අප වෙබ් අඩවියටද සාධාරණයක් ඉටුකරනු ඇති කාරුණිකව දන්වා ඒවා ඇත.














කෙසේවතත් ලොව පිළිගත් විශ්වකෝෂයක් වන wikipedia වෙබ් අඩවිය සවුදි අරාබියේ ෂරියා ආගම පදනම් කරගත් නීති පද්ධතියක් පවතින බව තහවුරුකරයි.තවද ඒ තුලින් ප්‍රසිද්ධියේ එල්ලා මැරීම,ගල් ගසා මරාදැමීම,සිරුරේ අවයව කැපීම සහ කස පහරදීම සිදුවන්බව සඳහන්වේ. වැඩි විස්තර දැනගැනීම සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න.

http://en.wikipedia.org/wiki/Legal_system_of_Saudi_Arabia














අප ලිපිය ආරම්භයේ සටහන්කල පරිදිම මෙම ලිපිය තුලින් ෂරියා නීතියට ගැරහීමක් හෝ එහි වලංගුතාවය විමසීමක් සිදුනොකරන අතර රිසානා නෆීක් ගේ මරණය හැරවුම්ලක්ෂය කොටගෙන විදේශ ශ්‍රම වෙළඳාම කෙසේ වෙනස් විය යුතුද යන්න පමණක් සාකච්ඡා කරයි. ඒය හේතුකොටෙන මෙම ලිපියට අදාල නොවන අදහස් සහ ලිපි සඳහා වෙබ් අඩවිය තුලින් තවදුරටත් පිළිතුරු සැපයීමට සිදුනොවන බව සලකන්න.

මෙතෙක් අප වෙත විශාල වශයෙන් අදහස් එවූ "සිරාජ්" පාඨකයා ඇතුළු සැමට විශේෂ ස්තුතිය. 

- ගොසිප් 9 විමර්ශන -

Related Posts Plugin for WordPress, Blogger...